― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsපොදුජන එක්සත් පෙරමුණේ නායකත්වය චන්ද්‍රිකාට

පොදුජන එක්සත් පෙරමුණේ නායකත්වය චන්ද්‍රිකාට

නැවත සන්ධානගත වන පොදුජන එක්සත් පෙරමුණේ මණ්ඩල නායකත්වය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ඊයේ (06) සවස පැවති එහි විධායක සභා රැස්වීමේදීයි.

ඊට අමතරව මෙම සන්ධානයේ සභාපති ධූරය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නම ද යෝජනා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පුළුල් සන්ධානයක් යටතේ පුටුව ලකුණින් ඉදිරි මැතිවරණයට තරඟ කිරීමට නියමිතව ඇති අතර මෙම සන්ධානයෙන් ජනාධිපතිවරණය සඳහා ද අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමටයි සූදානම් වන්නේ.

පොදුජන පෙරමුණු නව ව්‍යවස්ථා සංශෝධනය යටතේ නායකත්ව මණ්ඩලයේ 25% ක නියෝජනයක් හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 50% ක බලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවන බවට ද වාර්තා වනවා.

එමෙන්ම පොදුජන එක්සත් පෙරමුණේ නව නිලධාරී මණ්ඩලය ලබන 22 වැනිදා පත් කිරීමට නියමිත අතර එහිදී පක්ෂයේ ලේකම් ධුරය ද අලුතෙන් පත් කෙරෙනු ඇති.