27.2 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදියේ ගිලී රුමේනියානු ජාතිකයෙක් ජීවිතක්ෂයට

දියේ ගිලී රුමේනියානු ජාතිකයෙක් ජීවිතක්ෂයට

මොරගල්ල මුහුදේ දියනාමින් සිටි රුමේනියානු ජාතිකයෙකු අද (07) දහවල් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ මොරගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි නිස්ටොරෙස්කූ ටීඩෝර් නමැති 71 හැවිරිදි රුමේනියානු ජාතිකයෙකු බවයි.

ජීවිතක්ෂයට පත් වූ රුමේනියානු ජාතිකයා මොරගල්ල සංචාරක හෝටලයක රැඳී සිට ඇති අතර එම හෝටලය ආසන්න මුහුදේ දියනාමින් සිටියදීයි මෙම අනතුරට මුහුණ පා ඇත්තේ.

දියේ ගිලීමෙන් පසු ඔහු ගොඩබිමට රැගෙනවිත් බේරුවල ප්‍රදේශීය රෝහලට රැගෙන ගොස් තිබෙනවා. රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේ ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇති බවයි.

මෘත දේහය බේරුවල ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.