― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsපාසල් අවට මත්ද්‍රව්‍ය සංසරණය වැළැක්වීමට මෙහෙයුම්

පාසල් අවට මත්ද්‍රව්‍ය සංසරණය වැළැක්වීමට මෙහෙයුම්

පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව පසුගිය මාස කිහිපය තුළ දිවයින පුරා පාසල් 4,983ක වැටලීම් සිදු කර තිබෙනවා.

දිවයින පුරා පාසල් 10,221ක් අතරින් පාසල් අවට මත්ද්‍රව්‍ය සංසරණයක් තිබෙන බවට හඳුනාගෙන තිබූ පාසල් කිහිපයකයි මෙම වැටලීම් සිදු කර ඇත්තේ.

මෙම වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 85 ක්, අයිස් ග්‍රෑම් 48ක්, මත්පෙති 1561ක්, ගංජා කිලෝ 01 ග්‍රෑම් 230ක්, මාවා කිලෝ 03 ග්‍රෑම්650ක්, මදන මෝදක කිලෝ 02යි ග්‍රෑම් 345 ක්, නීති විරෝධී සිගරට් 1285 ක් හා දුම් කුඩු කිලෝ 01 ග්‍රෑම් 585ක් සමග පාසල් අවට මත්ද්‍රව්‍ය අලෙවි කළ සැකකරුවන් 517 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි එලෙස මත්ද්‍රව්‍ය සංසරණයක් තිබෙන බවට හඳුනාගත් සෑම පාසලක් ආශ්‍රිතවම අදාළ පාසල් ගුරුවරුන්, ශිෂ්‍ය නායකයින් හා පාසල් අවට ශිෂ්‍ය ප්‍රජාව සහභාගි කරවා ගනිමින් ‘පවුර’ සංසද කමිටු 5133ක් පිහිටුවා තිබෙනවා.