27.8 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපොලීසියෙන් ටිපර් රථයකට වෙඩි - තිදෙනෙක් අත්අඩංගුවට

පොලීසියෙන් ටිපර් රථයකට වෙඩි – තිදෙනෙක් අත්අඩංගුවට

යාපනය පුතූර් ප්‍රදේශයේදී පොලීසිය විසින් නීතිවිරෝධී වැලි පටවාගත් ටිපර් රථයකට වෙඩි තබා තිබෙනවා.

එහිදී පුද්ගලයින් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (07) පෙරවරුවේ පලෙයි සිට නීතිවිරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් පුතූර් ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාහනය නවත්වන ලෙස පොලීසිය රියදුරුට සංඥා කළ රියදුරු එම අණ නොතකා වේගයෙන් රිය ධාවනය කර තිබෙනවා.

එම ටිපර් රථය පසුපස හඹා ගිය පොලිසිය පුතූර් ප්‍රධාන මාර්ගයට යාබදව පාසල් සිසුන් ගමන් ගත් වාහන තදබදය අඩු ප්‍රදේශයකදී ටිපර් රථයට වෙඩි තබා තිබෙනවා.

ටිපර් රථයේ ටයර්වලට වෙඩි වැදී ඇති අතර රියදුරු ඇතුළු දෙදෙනෙකු සමඟ ටිපර් රථය පෙරළී ඇති බවයි පොලීසිය පැවසුවේ.

රාජකාරියේ යෙදී සිටි කන්කසන්තුරේ විශේෂ අපරාධ නිවාරණ ඒකකය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන අච්චුවේලි පොලිස් ස්ථානයට භාර දී ඇත.

මේ අතර ටිපර් රථයේ හිමිකරු බවට සැලකෙන තරුණයෙකු පලෙයි ප්‍රදේශයේදී කන්ගසන්තුරේ විශේෂ අපරාධ නිවාරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් තිදෙනා අච්චුවේලි පොලිස් ස්ථානයට භාර දී තිබෙනවා.