― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsAccidentයතුරුපැදි අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

යතුරුපැදි අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

හීනටියංගල පාලම ආසන්නයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කළුතර දකුණ පොලිසිය පැවසුවේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි ප්‍රවීන් විශ්වජිත් නැමැති 19 හැවිරිදි තරුණයෙකි.

මෙම තරුණයා කළුතර දෙස සිට හීනටියංගල දෙසට ගමන් කරමින් සිටියදී හීනටියංගල පාලම ආසන්නයේදී වේගය පාලනය කරගත නොහැකිව අසල තිබූ තාප්පයක ගැටී තිබෙනවා.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.