― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsහොරෙන් ගෙන්වූ ජංගම දුරකථන තොගයක් අත්අඩංගුවට

හොරෙන් ගෙන්වූ ජංගම දුරකථන තොගයක් අත්අඩංගුවට

තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද ජංගම දුරකථන සහ උපාංග තොගයක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි ඊයේ (07) මෙම වැටලීම සිදු කර ඇත්තේ.

වැල්ලම්පිටිය පොලිස් වසමේ අංක 16/01, විහාර මාවත, කොළොන්නාව ලිපිනයේ සිදු කළ මෙම වැටලීමෙන් තීරුබදු නොගෙවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද ජංගම දුරකථන, ජංගම දුරකථන උපංග සහ ඔරලෝසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී අබ්දුල් හමීඩ් මාවත, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.