― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsජොර්දානයේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් 66ක් දිවයිනට

ජොර්දානයේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් 66ක් දිවයිනට

ජෝර්දානයේ ඇගලුම් කර්මාන්තශාලා දෙකක සේවය කළ සේවක සේවිකාවන් 66 දෙනෙක් අද (09) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මෙසේ පැමිණි ශ්‍රී ලාංකිකයන් අතරින් 61 දෙනෙකු කුවේට් සිට අද (09) අලුයම 02.15 ට පැමිණි ජසීරා ගුවන් සේවයේ ජේ.- 9553 දරන ගුවන් යානයෙන් ද, තවත් 05 දෙනෙකු දෝහා සිට අද අලුයම 02.55 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන්ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ජෝර්දානයේ පවත්වා ගෙන යමින් තිබූ තිබූ ඇගලුම් කර්මාන්තශාලා දෙකක ආයෝජකයන් එහි සේවය කළ සේවකයින්ට නොදන්වා අතුරුදහන් වීම නිසා අසරණ වී සිටි සේවක සේවිකාවන් 66 දෙනෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

ජෝර්දානයේ අසිල් සහ හයි ඇපරල් නැමැති මෙම කර්මාන්තශාලා පවත්වා ගෙන ගිය ඉන්දීය ජාතික ආයෝජකයන් කිසිවෙකුටත් නොදන්වා පළා යාම නිසා එහි සේවය කළ ශ්‍රී ලාංකික, බංගලදේශ, ඉන්දීය සහ නේපාල ජාතික සේවකයින් වැටුප්, ආහාරපාන, ජලය, විදුලිය නොමැතිව අසරණ වී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මෙම කර්මාන්ත ශාලාවලින් ජැකට් සහ ටී ෂර්ට් මිලදී ගත් ඇමෙරිකානු ජාතික ව්‍යාපාරිකයෙකු මෙම කර්මාන්තශාලා සේවකයින් හට අවශ්‍ය පහසුකම් සලසා දෙමින්, එම සේවකයින්ට තම මව් රට බලා යන තෙක් උදව් උපකාර කර තිබෙනවා.

මෙම කර්මාන්ත ශාලාවල සේවය කළ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව මැදිහත් වී, නීතීඥ සහය ලබා දෙමින් ජෝර්දාන කම්කරු දෙපාර්තමේන්තුව සමඟ එකඟතා ඇති කර ගනිමින් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මෙම ශ්‍රී ලාංකිකයින් හට ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන් ප්‍රවේශ පත්‍ර, හිඟ වැටුප්, නිවාඩු සඳහා ගෙවන වැටුප්, සමාජ ආරක්ෂණ දායක මුදල් මෙන්ම වීසා නොමැතිව එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් ගෙවිය යුතු දඩ මුදල් කපා හැරීම ඇතුළු සියලුම වරප්‍රසාදයන් හිමි වූ බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ.