― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsරනිල් නව මොඩලයකින් රට ගොඩ දැම්මා

රනිල් නව මොඩලයකින් රට ගොඩ දැම්මා

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා නව මොඩලයකට යාමට ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට හැකිවූ බවත්, ආණ්ඩුව අනුගමනය කරන්නේ ප්‍රායෝගික මොඩලයක් බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ නව වැනි පාර්ලිමේන්තුවේ 5 වැනි සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා කළ කතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන කල්තැබීමේ විවාදයට එක්වෙමින්.

පාසල් හැරයන සෑම දරුවෙකුටම වෘත්තීය පුහුණුව ලබාදෙන වැඩපිළිවෙළක් මේ වසරේ ක්‍රියාත්මක කරන බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක මුහුණ දෙන දැවැන්ත අර්බුදයෙන් මුදාගත යුතු බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, පුනර්ජනනීය විදුලි බලයට යොමුවී එමගින් විදුලි බල මණ්ඩලය මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් දිය යුතු බව ප්‍රකාශ කළා.

රජය දුන් සහාය සහ සහයෝගය තුළින් මෙරට ගොවි ජනතාවට අහාර නිෂ්පාදනය වැඩිකිරීමට හැකිවූ බවද, ආර්ථික අර්බුදයේදී බොහෝ රටවල රාජ්‍ය සේවක කප්පාදුවක් සිදුවුවත්, මෙරට රාජ්‍ය සේවක හෝ විශ්‍රාම වැටුප් කප්පාදුවක් සිදු නොවූ බවත් අග්‍රාමාත්‍යවරයා පැවසුවා.