26.1 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි අර්බුදයක් ගැන රතු එළියක්

විදුලි අර්බුදයක් ගැන රතු එළියක්

මෙම වසරේදී යළිත් රටේ විදුලි අර්බුදයක් නිර්මාණය විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි නරේන්ද්‍ර සිල්වා පවසන්නේ යෝජිත පුනර්ජනනීය විදුලි බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක නොකළ හොත් මෙම තත්ත්වය උද්ගත විය හැකි බවයි.

පසුගියදා විදුලිබල මණ්ඩලය පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට කැඳවූ අතර එහිදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.

පැවති රජයන් ගත් ඇතැම් තීන්දු තීරණ සහ විදුලි ජනන සැලසුම් අනුව බලාගාර ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිවිපාක මේ වනවිට ජනතාවට අත්විඳීමට සිදුවී ඇති බවයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ.