― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsමෛත්‍රීපාල ඉන්දියාව හරහා ඇමරිකාවට

මෛත්‍රීපාල ඉන්දියාව හරහා ඇමරිකාවට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (12) අලුයම ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ හිටපු ජනාධිපතිවරයා ඉන්දියාව හරහා ඇමෙරිකාව වෙත යාමට නියමිත බවයි.

අද (12) අලුයම 02.50ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි- 284 දරණ ගුවන් යානයෙන් ඔහු ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනහමු කීපයක් ද ලබන 15 වනදා සිට හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එහිදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපතිවරයා සමඟ එම පක්ෂයේ නිලධාරීන් දෙදෙනෙකු ද මෙම සංචාරය සඳහා එක්ව සිටිනවා.