30 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙඩි තැබීමක්

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙඩි තැබීමක්

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද (12) අලුයම් කාලයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

ආර්ථික මධ්‍යස්ථානයේ ඇති තොග වෙළඳසැලකට ගිනි අවි රැගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එහි තිබූ මුදල් කොල්ල කා තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තරුණියක් ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය අදාළ තොග වෙළඳසැලේ මුදල් අයකැමි ලෙස කටයුතු කළ තරුණියක් බවයි වාර්තා වන්නේ.