26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසබරගමුව සරසවි සිසුන් 14 දක්වා රිමාන්ඩ්

සබරගමුව සරසවි සිසුන් 14 දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවට ගනු ලැබූ සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් 07 දෙනා ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සබරගමුව විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසරේ සිසුවියකට සහ සිසුන් දෙදෙනකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි මොවුන් 07 දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ.

තමන් පිටතින් ආහාර රැගෙනවිත් කෘෂි විද්‍යා පීඨයේ ආපනශාලාවේ රාත්‍රි ආහාර ලබා ගනිමින් සිටියදී ජේෂ්ඨ සිසුන් පිරිසක් පැමිණ විදුලිය විසන්ධි කර තමන්ට පොලු මුගුරුවලින් පහර දුන් බවයි පහරකෑමට ලක් වූ සිසුන් පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

මෙම පහරදීම හේතුවෙන්එක් සිසුවෙකුගේ මුඛයට හා දත්වලට හානි සිදුව ඇති අතර පහරකෑමට ලක්වූ අනෙක් දෙදෙනා බලන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.