23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහෙල්මටයේ සඟවා අයිස් වික්ක තරුණයෙක් අල්ලයි

හෙල්මටයේ සඟවා අයිස් වික්ක තරුණයෙක් අල්ලයි

මන්නාරම, සාවර්කට්ටු ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සාවර්කට්ටු ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකු බවයි පොලීසිය පවසන්නේ.

මන්නාරම් පොලිස් අපරාධ විමර්ශන ඒ්කකය පැවසුවේ මොහු ඉතා සූක්ෂමව හෙල්මටයක සඟවාගෙන මෙම මත්දව්‍ය ජාවාරමේ නිරත වී ඇති බවයි.

අපරාධ විමර්ශන ඒ්කකයට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව සාවර්කට්ටු විඩත්තිල් ප්‍රදේශයේ මාර්ගයක සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු යතුරුපැදියක් නවත්වා සෝදිසි කිරීමේදීයි අයිස් සමඟ මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී සැකකරු විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 850 ක ප්‍රමාණයක් ආරක්ෂිත හිස් ආවරණයක සඟවාගෙන සිටියදී පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

අදාළ යතුරුපැදිය සමඟ සැකකාර තරුණයා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විමාර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු විසින් කලක සිට මෙලෙස හෙල්මටයේ සඟවාගෙන අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු මන්නරම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.