― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsමේ දිනවල දරුවන් විජලනයෙන් රැකගන්න උපදෙස්

මේ දිනවල දරුවන් විජලනයෙන් රැකගන්න උපදෙස්

මේ දිනවල දිවයිනට බලපා ඇති අධික උෂ්ණ කාලගුණය හේතුවෙන් දරුවන් විජලනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා නිසි පරිදි ජලය හා දියර වර්ග පානය කිරීමට දෙන්නැයි සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව දිනකට දෙවරක් හෝ නෑමට ඉඩ ප්‍රස්ථාව දරුවන්ට ලබාදිය යුතු බවත් චර්ම රෝග ඇති අයෙක් නම් උදෑසනට හා රාත්‍රීයට විනාඩි 20ක පමණ කාලයක් ජලයේ සිටීමෙන් එම තත්ත්වය යම් දුරකට පාලනය කරගත හැකි බවත් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා‍ පවසනවා.

නිසි පරිදි ජලය හා දියර වර්ග පානය කිරීමට ලබා නොදීමෙන් දරුවන් තාප කම්පන තත්ත්වයන්ට පත්ව මරණ පවා ඇති විය හැකි බවයි විධ්‍යවරයා අවධාරණය කළේ.

පෞද්ගලික රූඋපවාහිනි නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් වෛද්‍යවරයා කියා සිටියේ වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් චර්ම රෝගවල ද ව්‍යාප්තියක් දක්නට ලැබෙන බවයි.

එමෙන්ම දවල් කාලයේදී දරුවන්ට ක්‍රීඩා කටයුතු සිදු කිරීමට හැකි තාක් ඉඩ නොදී සිටිය යුතු බවත් වෛද්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.