― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot News22 පෙම්වතාට 19 පෙම්වතියගෙන් පිහි ප්‍රහාරයක්

22 පෙම්වතාට 19 පෙම්වතියගෙන් පිහි ප්‍රහාරයක්

19 හැවිරිදි පෙම්වතිය විසින් තම 22 හැවිරිදි පෙම්වතාට පිහි ප්‍රහාරයක් එල්ල කිරීමේ පුවතක් ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

වසර ගණනක ප්‍රේමය මඟහැරීමට උත්සාහ කළැයි මෙලෙස පෙම්වතිය විසින් පෙම්වතාට පිහි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ගම්පොළ වැඩබලන මහේස්ත්‍රාත් නන්දනී කාන්තිලතා නියෝග කළේ ඇය ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

අප වාර්තාකරු පැවසුවේ මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ගම්පොළ, උලපනේ ප්‍රදේශයේ පදිංචි තරුණියක් බවයි.

ඇය ගම්පොල නගරයේ මත්ස්‍ය ව්‍යාපාරවලට සම්බන්ධ තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර කලක් ගිය පසු පෙම්වතා ඇයව අත්හරින බවක් ඇයට දැනී තිබෙනවා.

මේ පිළිබඳව ඇය ඔහුගෙන් විමසා සිටියද ඔහුගේ තීන්දුව වෙනස් නොවන බව දැනගත් ඇය, ඔහුට වෙනත් අයෙකුට ආදරය කිරීමට නොහැකි වන අයුරින් ඔවුන් දෙදෙනාගේ ඡායාරූප ද මුහුණු පොතේ පළ කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම ක්‍රියාවෙන් කෝපයට පත් තරුණයා එම ඡායාරූප මුහුණු පොතෙන් ඉවත් කරන ලෙස දන්වා ඇයට පහර දී ඇති අතර මේ පිළිබඳව ඇගේ මව හා සහෝදරයාද දැනගෙන සිද්ධියට මැදිහත් වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව තරුණියගේ මව හා සොයුරා මෙම තරුණයා ව්‍යාපාර කරන ගම්පොළ පොදු වෙළඳපොළ වෙත පැමිණ ඒ පිළිබඳව විමසා ඇති අතර එහිදී මොහු පෙම්වතියගේ සොහොයුරාට පහර දී තිබේ.

එහිදී මව විසින් පහර කෑ පුතාව රෝහලට රැගෙන ගොස් ඇති අතර තරුණිය විසින් සඟවාගෙන සිටි පිහියක් රැගෙන පෙම්වතාට පහර එල්ල කර තිබෙනවා.

එයින් තුවාල ලැබූ පෙම්වතා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙළඳසැල අසළ සිටි අනෙකුත් පිරිස මෙම තරුණිය මෙල්ල කර ඇති අතර පසුව පොලීසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා.