― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsAccidentඅලි සබ්‍රි රහීම් ගමන් ගත් මෝටර් රථය අනතුරකට

අලි සබ්‍රි රහීම් ගමන් ගත් මෝටර් රථය අනතුරකට

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් ගමන් කරමින් තිබූ මෝටර් රථය අද (13) අලුයම අනතුරකට ලක්ව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද (13) අලුයම එකට පමණ පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

මෝටර් රථය ධාවනය වූ දෙසටම ධාවනය වූ අත් ට්‍රැක්ටරයක පිටුපස මන්ත්‍රීවරයා ගමන් කළ මෝටර් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෝටර් රථයෙන් පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ගමන් කරමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බවයි සාලියවැව පොලීසිය පැවසුවේ.

අනතුරින් තුවාල ලබා ඇත්තේ අත් ට්‍රැක්ටරය පදවාගෙන ආ රියදුරා වන ඉහළ පුලියන්කුලිම, අළුත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි. ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ මෝටර් රථය පැදවූ රියදුරා සාලියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.