― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsදඩ මස් තොගයක් සමඟ දෙදෙනෙක් අල්ලයි

දඩ මස් තොගයක් සමඟ දෙදෙනෙක් අල්ලයි

ආරච්චිකට්ටුව, විල්පොත ප්‍රදේශයේදී නීතිවිරෝධී අයුරින් වන සතුන් දඩයම් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ හෝටලයක අනවසරයෙන් වන සතුන් දඩයම් කර ආහාර සඳහා අලෙවි කරන බවට ගුවන් හමුදා බුද්ධි අංශයට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ කරුවලගස්වැව වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුමේදී මෙම දඩමස් තොගය සොයාගෙන තිබෙනවා.

ඊයේ (12) සවස එම හෝටලයේ ශීතකරණ දෙකක සඟවා තිබූ ඌරු මස්, මුව මස් සහ වෙනත් දසමස් තොගයක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

එහිදී වල් ඌරු මස් කිලෝග්‍රෑම් 103 ක්, මුව මස් කිලෝග්‍රෑම් 17 ක් සහ තවත් දඩමස් කිලෝග්‍රෑම් 7 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන් පවසා ඇත්තේ මත්පැන් පානය කිරීම සඳහා හෝටලයට පැමිණෙන පිරිසට කටගැස්මක් ලෙස ලබාදීම සඳහා මෙලෙස සතුන් දඩයම් කර ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විල්පොත සහ තබ්බෝව ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි පොලීසිය පවසන්නේ.