― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsදුම්රිය පාලමක් මත නාඳුනන මළ සිරුරක්

දුම්රිය පාලමක් මත නාඳුනන මළ සිරුරක්

බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මග්ගොන දුම්රිය පාලම මත තිබී අද (13) මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සැක පළ කරන්නේ මෙම පුද්ගලයා දුම්රියේ ගැටී මිය යන්නට ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 75-80 පමණ වන පුද්ගලයෙක් වන අතර ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැත.

රේල් පීලී අතර සිරවී තිබියදීයි මෙම මළ සිරුර හමුව ඇත්තේ.

මෘත දේහය පයාගල දුම්රිය ස්ථානය වෙත භාරදී ඇති අතර බේරුවල පොලීසිය ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.