― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsවිදෙස්ගත ශ්‍රමිකයින්ට කෝටියක නිවාස ණයක්

විදෙස්ගත ශ්‍රමිකයින්ට කෝටියක නිවාස ණයක්

ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් සඳහා වන නිවාස වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා.

විදෙස්ගත ශ්‍රමිකයින්ට නිවසක් සාදාගැනීම සඳහා උපරිම රුපියල් මිලියන දහයක ණය පහසුකමක් ලබාදෙන්නැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අනුමැතිව හිමිව ඇත්තේ.

ගනු ලබන ණය මුදල ණයලාභියා විසින් විදේශ රැකියාවක නිරත වී සිටින කාලයේ නීත්‍යානුකූල මාර්ගවලින් මෙරටට එවනු ලබන විදේශ මුදලින් ගෙවිය යුතු අතර විදේශ රැකියාව නිම කර මෙරටට පැමිණි පසු ශ්‍රී ලංකා රුපියල් වලින්ද ගෙවීමට හැකියාව ලැබෙන බවයි ආරංචිමාර්ග පවසන්නේ.

ඒ අනුව උපරිම රුපියල් මිලියන දහයක ණය පහසුකමක් ලබාදීමටත් ඒ සඳහා වන පොලී පිරිවැයෙන් කොටසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දැරීමටත් රජය අපේක්ෂා කරනු ලබයි.