25 C
Colombo
Wednesday, April 2, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකතකට හදි කළ කොස්තාපල්ට සිර දඬුවමක්

කතකට හදි කළ කොස්තාපල්ට සිර දඬුවමක්

කාන්තාවක් ලිංගික අපයෝජනයකට ලක් කළ පොලිස් කොස්තාපල්වරයෙකුට වසර හතක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ වින්දිත කාන්තාවට රුපියල් ලක්ෂ පහක වන්දියක් ද ගෙවන ලෙසයි.

මෙලෙස සිර දඬුවම් නියම වී ඇත්තේ නුවරඑළිය හයි ෆොරස්ට් පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුටයි.

මෙම කොස්තාපල්වරයා විසින් මීට වසර 05කට පෙර 35 හැවිරිදි අවිවාහක කාන්තාවක් ලිංගික අපයෝජනයට ලක් කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් 2019 වසරේදී නුවරඑළිය මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරනු ලැබූ අතර ඉදිරිපත් වූ සාක්ෂි මත නුවරඑළිය මහාධිකරණයේදී අදාළ පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව මෙම තීන්දුව ලබාදී තිබෙනවා.

පොලිස් කොස්තාපල්වරයාට ලබා දුන් සිර දඬුවම් තීන්දුවට අමතරව අධිකරණය විසින් රුපියල් විසි දහසක දඩයක් ගෙවන ලෙසත් නියම කර තිබෙනවා.