32.8 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍ර‍වාහනයට සූදානම් කර තිබූ ගංජා කිලෝ 20ක් අල්ලයි

ප්‍ර‍වාහනයට සූදානම් කර තිබූ ගංජා කිලෝ 20ක් අල්ලයි

බෝට්ටු මගින් ප්‍ර‍වාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ වියළි කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති යුක්තියේ මෙහෙයුමට අනුවයි වි‍ශේෂ කාර්ය බලකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

මුලතිව් විශේෂ කාර්ය බලකා කඳවුරට ලද තොරතුරක් මත ඊයේ (13) කයිට්ස් පොලිස් වසමේ නයනතිව් දූපතේ සුදු වැලි මුහුදු තීරය, 7 වෙනි කොටස යන ස්ථානයේදී මෙම වැටලීම සිදුකර තිබෙනවා.

එහි දී සැකකරුවෙකු නොමැතිව බෝට්ටු මගින් ප්‍ර‍වාහනය කිරීම සදහා සූදානම් කර තිබූ වියළි කේරළ ගංජා කිලෝග්‍රෑම් 20 ග්‍රෑම් 140 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කයිට්ස් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.