25.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිවරණ කල් දැමීමේ අවශ්‍යතාවක් නැහැ

මැතිවරණ කල් දැමීමේ අවශ්‍යතාවක් නැහැ

මැතිවරණ පැවැත්වීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 10 ක මුදලක් වෙන් කර අවසන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

කුරුණැගල වැවිලි සමාගමට අයත් ඌරාපොල නව අලෙවි මධ්‍යස්ථානය ඊයේ (13) සවස විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව මැතිවරණ කල් දැමීමක් හෝ වංගු ගැසීමක් සිදු නොවන බවත් 2025 පැවැත්වෙන මැතිවරණය සඳහාද නියමිත පරිදි මුදල් වෙන් කිරීමට ඉදිරි අයවැයෙවන් කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

රටේ ජනතාවද පැහැදිලි තීන්දුවක් ගැනීමට සූදානම්ව තිබෙන මේ මොහොතේ මැතිවරණ කල් දැමීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි ඔහු කියා සිටියේ.