මන්නාරමේදී මත්පෙති 1472ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මන්නාරම කොට්ඨාස පොලිස් අපරාධ විමර්ශන කාර්යංශය එක්ව මන්නාරම සහ උප්පුකුලම් යන ප්‍රදේශවල ඊයේ (13) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී යි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 සහ 29 හැවිරිදි සිලාවතුර සහ මන්නාරම යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනෙක් බවයි අප වාර්තාකරු පැවසුවේ.
මන්නාරම ප්‍රදේශයේ සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකු පරික්ෂාවට ලක් කිරීමේදීයි ඔහු සන්තකයේ තිබී අලෙවි කිරීමට සූදානම් කළ මත්පෙති 20ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එම පුද්ගලයාගෙන් අනාවරණය වූ තොරතුරු මත මන්නාරම උප්පුපකුලම් ප්‍රදේශයේ සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී නිවසක් තුළ තිබී මත්පෙති 1432ක් සහ ත්‍රීරෝද රථයක් තුළ තිබී මත්පෙති 20ක් සමග තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා, මත්පෙති තොගය සහ ත්‍රීරෝද රථය ඉදිරි නීතිමය කටයුතු සදහා මන්නාරම පොලිසිය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.


