25 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි සැර වැදී දෙදෙනෙක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදී දෙදෙනෙක් ජීවිතක්ෂයට

වාලච්චේන, ඊච්චයිඅඩි ප්‍රදේශයේදී අලි වැටකින් විදුලි සැර වැදී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ අනවසරයෙන් කුඹුරු ඉඩමකට ඇද තිබූ අලි වැටකින් විදුලි සැර වැදී මොවුන් දෙහ්දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 21 සහ 51ක් වූ කුඩුම්බිමලේ සහ කෝරාවලී යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.

මියගිය පුද්ගලයින් දෙදෙනාගේ මෘත ශරීර මේ වන විට වාලච්චේන රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එම ඉඩමේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වාලච්චේන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.