26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයිස් හා හෙරොයින් සමඟ අයෙක් මෝදරදී අල්ලයි

අයිස් හා හෙරොයින් සමඟ අයෙක් මෝදරදී අල්ලයි

මෝදර, අලුත් මාවත ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (14) එම ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී හෙරොයින් ග්‍රෑම් 112 යි මිලිග්‍රෑම් 690ක්, අයිස් ග්‍රෑම් 51 මිලි ග්‍රෑම් 550ක්, විද්‍යුත් තරාදියක්, මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් 170,000 මුදලක් හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් සුඛෝපභෝගී ජීප් රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 15 මෝදර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය පවසන්නේ.

වැඩිදුර විමර්ශන සඳහා ඔහු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිතය.