27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකිලිනොච්චි රක්ෂිතයේ දඩයමේ ගිය අයෙක් අත්අඩංගුවට

කිලිනොච්චි රක්ෂිතයේ දඩයමේ ගිය අයෙක් අත්අඩංගුවට

කිලිනොච්චියේ ධර්මපුරම්, පිරමන්තනාරු ප්‍රදේශයේ නිවසක තිබී ගිනිඅවි දෙකක් ඇතුළු සතුන් දඩයම් කිරීම සඳහා යොදාගන්නා විවිධ වර්ගයේ ආයුධ සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ධර්මපුරම් පොලීසියට ලද තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් පිරමන්තනාරු ප්‍රදේශයේ පිහිටි අදාළ නිවස වටලා සිදුකරන ලද සෝදිසියකදී සැකකරු සහ මෙම ගිනිඅවි අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

එහිදී නිවසේ සඟවා තිබූ මෙරට නිශ්පාදිත ගිනි අවි 02 ක්, බඳින කඳන් 03ක්, ඊයම් උණ්ඩ තොගයක්, අලි වෙඩි 03ක්, සතුන්ට මරඋගුල් ඇටවීම සඳහා යොදාගන්නා කම්බි රෝල් 04 ක් හා කෙටේරියක් සොයාගනු ලැබීය.

පොලීසිය පැවසුවේ සැකකරු විසින් දිගු කලක් පුරස කිලිනොච්චිය රක්ෂිතයේ විවිධ ප්‍රදේශවල සතුන් මරා මස් විකුණා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

සැකකරු කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවයි ධර්මපුරම් පොලීසිය පැවසුවේ.