― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගනේමුල්ල සංජීවගේ ගෝලයින් දෙදෙනෙක් බඩුත් එක්ක අල්ලයි

ගනේමුල්ල සංජීවගේ ගෝලයින් දෙදෙනෙක් බඩුත් එක්ක අල්ලයි

මේ වනවිට පොලිස් අත්අඩංගුවේ සිටින සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගනේමුල්ල සංජීවගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු කරන ගෝලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (15) පෑලියගොඩ පොලිස් වසමේ බුළුගහ හන්දිය, කැළණිය ප්‍ර‍දේශයේ සිදු කළ වැටලීමකදී යි මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 62 යි මිලිග්‍රෑම් 900 ක්, මත්ද්‍රව්‍ය කිරා මැන බැලීම සඳහා යොදා ගන්නා ලද විද්‍යුත් තරාදියක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 38330.00 ක මුදලක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැළණිය හා වත්තල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 32 හා 34 ක පුද්ගලයන් දෙදෙනෙකු වන අතර වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් දෙදෙනා පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මොවුන්ගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී එක් සැකකරුවෙකු 2022 වර්ෂයේදී පොලිස් අත්තනායක යන අයට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන මේ වන විට ඇප මත මුදා හැර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.