කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (17) දිනයේදී පැය 16ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
අඹතලේ ජල සැපයුමේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
ඒ අනුව හෙට (17) පස්වරු 5.00 සිට අනිද්දා (18) පෙරවරු 9.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ.