26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසැමියාගේ පහරදීමෙන් තරුණ බිරිය ජීවිතක්ෂයට

සැමියාගේ පහරදීමෙන් තරුණ බිරිය ජීවිතක්ෂයට

සැමියාගේ පහරදීම හේතුවෙන් බිරිඳ ජීවිතක්ෂයට පත් වීමේ පුවතක් කැලෑ තිරප්පනේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ අනුරාධපුරය, මිහින්තලය, කැලෑ තිරප්පනේ ප්‍රදේශයේදී සැමියකු විසින් සිදු කළ පහරදීමක් හේතුවෙන් මෙලෙස බිරිඳ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 21 හැවිරිදි විවාහක කාන්තාවකි. 

ඊයේ (15) රාත්‍රියේදී මෙම අඹුසැමි යුවළ අතර ඇතිවූ බහින්බස්වීමක් අතරතුර සැමියා විසින් තම බිරිඳට මන්නයක මිටකින් පහර දී තිබෙනවා.

ඉන් බිරිඳ සිහිමුර්ජා ගතියකට පත්ව ඇති අතර පසුව සැමියා විසින්ම සිය බිරිඳ නිදිකරවා සැකකරු ද නින්දට ගොස් තිබෙනවා. කෙසේනමුත් එම කාන්තාව අද උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

පොලීසියේ නිලධාරීන් උදෑසන එම නිවසට යනවිටත් මිය ගොස් සිටි බිරිඳගේ ස්වාමිපුරුෂයා සිය නිවසෙහිම රැඳී සිට ඇති අතර එහිදී ඔහු පොලිසිය වෙත භාර වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම මරණය පහරදීමක් හේතුවෙන් සිදු වූවාද නැතහොත් වෙනත් හේතුවක් නිසා සිදු වූවක් ද යන්න සොයා බැලීම සඳහා අනුරාධපුරය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.