28.4 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබටු ගෝනියේ දමා ගංජා විකුණූ අයෙක් අල්ලයි

බටු ගෝනියේ දමා ගංජා විකුණූ අයෙක් අල්ලයි

එළවළු ප්‍රවාහනය කරන මුවාවෙන් ගංජා ප්‍රවාහනය කළ පුද්ගයෙක් බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුක්තියේ මෙහෙයුමට සමගාමීව වේලිඔය ප්‍රදේශයේ සිට බලන්ගොඩ නගරය දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් පරික්ෂාවට ලක් කිරීමේදී ගංජා කිලෝ එකයි ග්‍රෑම් අනූවක්ද සමඟ මෙම පුද්ගලයා අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගයෙක් බවයි පොලීසිය පවසන්නේ.

මෙම බස් රථය පරික්ෂාවට ලක් කිරීමේදී බටු ගෝනියක් තුළ ඉතා සූක්ෂමව සඟවා තිබූ මෙම ගංජා තොගය සොයාගෙන තිබෙනවා.

එම ගංජාවල සුවඳ වහනය වීම වැළැක්වීම සඳහා
සුවඳ විලවුන් යොදා ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ගංජා තොගය බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතය.