28.7 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොස්තාපල්වරියට හදි කළ ලිපිකරු අත්අඩංගුවට

කොස්තාපල්වරියට හදි කළ ලිපිකරු අත්අඩංගුවට

පොලිස් කොස්තාපල්වරියකට බස් රථයේදී ලිංගික අතවර කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෝමාගම මූලස්ථාන පොලිසිය පැවසුවේ මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල්වරියක බවයි.

අදාළ කොස්තාපල්වරිය රාජකාරී නිමවා කොළඹ සිට තම නිවස වෙත බස් රථයෙන් පැමිණෙමින් සිටියදීයි මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක, මාදුලාවේ පදිංචි 43 හැවිරිදි ඉංජිනේරු සංස්ථාවේ ලිපිකරුවකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේනමුත් සැකකරු අධිකරණය වෙත ඉදරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබෙනවා.