29.5 C
Colombo
Thursday, August 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහැටන් බස් නැවතුම්පොළේදී අයෙක් ජීවිතක්ෂයට

හැටන් බස් නැවතුම්පොළේදී අයෙක් ජීවිතක්ෂයට

හැටන් ලංගම බස් නැවතුම්පොල තුළ මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

හැටන් පොලිසිය පැවසුවේ මෙම පුද්ගලයා දින ගණනාවක් හැටන් ලංගම බස් නැවතුම්පොල භූමියේ රැඳී සිට ඇති අතර අද හදිසියේම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 65-70 වයස් කාණ්ඩයේ පසුවන පුද්ගලයෙක් වන අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත.

පොලීසිය සැක පළ කරන්නේ හැටන් ප්‍රදේශයට අලුයම් කාලයේ පවතින අධික ශීතල කාලගුණය හේතුවෙන් මොහු මිය යන්නට ඇති බවයි.

මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ තැම්පත් කර තිබෙනවා.