27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමොන බාධක ආවත් යුක්තිය නවතන්නේ නැහැ - ටිරාන්

මොන බාධක ආවත් යුක්තිය නවතන්නේ නැහැ – ටිරාන්

කුමන බලපෑම් පැමිණිය ද මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමට මෙන් ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසනය වැළැක්වීම අරමුණු කරගනිමින් දියත් කර ඇති කිසිඳු මෙහෙයුමක් නැවැත්වීමට තමන් සූදානම් නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදෙන බවත් රට වැටී තිබුණු තත්ත්වයෙන් ගොඩගෙන පෝලිම් යුගය අවසන් කිරීමට ජනාධිපතිවරයාට හැකියාව ලැබුණු බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.

එමෙන්ම 2023 දෙසැම්බර් 17 වැනිදා ආරම්භ කළ යුක්තියේ මෙහෙයුමෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 7.8ක් වන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.