31.7 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබූස්සේ කළ හදිසි මෙහෙයුමෙන් සොයාගත් දේ

බූස්සේ කළ හදිසි මෙහෙයුමෙන් සොයාගත් දේ

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකථන හා උපාංග රැසක් සොයාගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (21) බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි මෙම උපකරණ සොයාගෙන ඇත්තේ.

මියගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්ගොඩ තාරකගේ සහෝදරයා රැඳී සිටින බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිර මැදිරියෙන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාර යන අය රැඳී සිටින සිර මැදිරියෙනුයි මෙම උපාංග හමු වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් උපකරණ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා විශේෂ කාර්ය බලකායේ අණදෙන නිළධාරීවරයාගේ කාර්යාලය වෙත භාර දී තිබෙනවා.

අංක 53 සිර මැදිරියෙන් ජංගම දුරකථන 02ක්, ඩයලොග් සිම්පත් 01 ක්, දුරකථන අංක 280 කට අධික ප්‍රමාණයක් සදහන් කර ඇති කුඩා ප්‍රමාණයේ සටහන් පොතක්, විද්‍යුත් ලිපින සහිත කොළ කැබැල්ලක්, කළු පැහැති හැන්ඩ් ෆ්‍රී 01 ක්, අංක 97 සිර මැදිරියෙන් ජංගම දුරකථන 02ක් හා ඩේටා කේබල් 01ක් මෙලෙස අත්අඩංගුවට ගත් උපකරණ අතර වනවා.