― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsදේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නැහැ

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නැහැ

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නොමැති බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) පස්වරුවේ පානදුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ තම පක්ෂයට ජනාධිපති අපේක්ෂකයන් නම් කරන්න ලොකු හදිසියක් නොමැති බවත් රටට ආදරය කරන ඕනෑම අයෙකුට තම පක්ෂයේ දොර ඇර ඇති බවත්ය.

අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට ජනාධිපතිවරණයේදී අපේ අපේක්ෂකයා කවුද කියලා වැදගත් තීන්දුවක් ගන්නවා. ඒකට හේතුව තමයි තවමත් මහින්ද රාජපක්ෂ කියන ජනාධිපතිවරයාට මේ රටේ ජනතාවගේ තියෙන ආදරය එතුමා නම් කරන අපේක්ෂකයා අපි දිනවනවා. අපිට ජනාධිපති අපේක්ෂකයන් නම් කරන්න ලොකු හදිසියක් නැහැ අපි වෙලාව ආවම ඒ අපේක්ෂකයා කවුද කියලා කියන්නම්. සමගි ජන බලවේගය අපිට කවදාවත් අභියෝගයක් නැහැ. සමගි ජන බලවේගයේ නායකයා කිසිම වැඩකට නැති කෙනෙක් කියලා අද ඒ පක්ෂයම අය ප්‍රකාශ කරනවා. අද අපෙන් ඉවත්වලා වෙලා ගිය කොටසක් වෙනම පක්ෂ හදාගෙන තියෙනවා. ඒවා මේ කොළඹ හදන සන්ධාන ඒවාට ගමට යන්න බැහැ. දෙන්නෙක් එකතුවෙලා පක්ෂයක් හැදුවා කියලා ඒගොල්ලන්ට මැතිවරණයකට මුහුණ දෙන්න බැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේදීත් මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න අවශ්‍ය කරන සන්ධාන හදනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රටට ආදරය කරන ඕනෑම කෙනෙකුට අපේ පක්ෂයේ දොර ඇරලා තියෙනවා. මොකද දේශපාලනයේ සදාකාලික මිතුරොත් නෑ හතුරොත් නෑ. ජාතික ජන බලවේගය මුලින්ම ජනාධිපති අපේක්ෂකයා අනුර කුමාර දිසානායක කිව්වට ඒගොල්ලෝ විවිධ අවස්ථාවන්වලදී මැතිවරණවලදී ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයෝ නම් කළා. නමුත් මොකද වුනේ සීයට තුනයි සියයට දෙකයි.”