― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsයාපනයේදී මියගිය සරසවි සිසුවා ගැන අනාවරණයක්

යාපනයේදී මියගිය සරසවි සිසුවා ගැන අනාවරණයක්

යාපනය, නීර්වේලි ප්‍රදේශයේදී පසුගියදා (21) සිදුවූ රිය අනතුරකින් මියගිය විශ්වවිද්‍යාල සිසුවා නිවසකට කඩා වැදී, වාහනයකට ගිනි තබා ආපසු එමින් සිටියදී එම අනතුරට මුහුණ පා ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

අචුචුවේලි පොලිස් වසමට අයත් සිරුපට්ටි ප්‍රදේශයේදී පෙරේදා මාර්ගය හරහා දිව ගිය සුනඛයෙකු නිසා මෙම තරුණයා ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ යාපනය විශ්වවිද්‍යාලයට අලුතින් තේරී පත්වූ මානිපායි, වෙම්බඩි ප්‍රදේශයේ පදිංචි රමේෂ් සකීන්දන් නැමැති 22 හැවිරිදි තරුණයෙකි.

සිසුවාගේ මරණය අභිරහසක්ව තිබියදී මානිපායි ප්‍රදේශයේ තවත් තරුණයකු බරපතළ තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණා.

ඔහු මියගිය විශ්වවිද්‍යාල සිසුවා සමඟ යතුරුපැදියකින් යමින් සිටියදී අනතුරට ලක්ව ඇති බවයි ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ.

මේ අතර වැල්වැටිතුරේ පොලිස් වසමට අයත් උඩුපිට්ටි ප්‍රදේශයේ නිවසකට කඩා වැදී වාහනයකට ගිනි තැබූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදු කරනු ලැබූ විමර්ශනවලදී අනාවරණය වූයේ එම වාහනයට ගිනි තබා ඇත්තේ මෙලෙස ජීවිතක්ෂයට පත් වූ සරසවි සිසුවා බවයි.

එලෙස වාහනයට ගිනි තබා නැවත පැමිණෙමින් සිටියදීයි තරුණයා මෙම අනතුරට ලක් වී ඇත්තේ.

අනතුරින් පසු තුවාල ලැබූ තරුණයා මිතුරෙක් සමඟ එක්ව අනතුර සිදු වූ ස්ථානයේ හෝඩුවාවන් විනාශ කර දමා බරපතල තුවාල ලැබූ සරසවි සිසුවා ගිලන් රථයක නංවා රෝහලට පිටත් කර යවා තිබෙනවා.

එමෙන්ම අනතුරට පත් යතුරුපැදියේ ගමන් ගත් අනෙක් තරුණයා යතුරුපැදිය සඟවා තබා ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත ගොස් තිබෙනවා.

තරුණයා ඒක පාර්ශවීක ප්‍රේමයක් නිසා මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාව සිදු කරන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

මියගිය තරුණයා රෝහලට ඇතුළත් කිරීම සඳහා ගිලන් රථයට ඇමතුමක් දුන් තරුණයා හා අනතුර සිදු වූ ස්ථානයේ හෝඩුවාවන් විනාශ කිරීමට උදවු කළ තරුණයා අච්චුවේලි පොලිසිය සහ වැල්වැටිතුරේ පොලිසිය විසින් එක්ව අත් අඩංගුවට ගෙන තිබෙනවා.