― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsකොරියානු භාෂා විභාගයට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අද සිට

කොරියානු භාෂා විභාගයට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අද සිට

කොරියානු භාෂා පරීක්ෂණයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද (26) සිට 29 වැනිදා දක්වා සිදුකරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

මෙලෙස ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම මාර්ග ගත ක්‍රමය ඔස්සේ පමණක් සිදු කරන බවයි ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මේ සඳහා සලකා බලන සුදුසුකම් වන්නේ වයස අවුරුදු 18 – 39ත් අතර අයෙකු වීම, කොරියානු රජයෙන් ආපසු හරවා එවා හෝ නෙරපූ අයෙකු නොවීම, අධිකරණයකින් වරදකරු වී දඩ මුදලක් හෝ සිර දඩුවම් නියම වී නොතිබීම, ඊ 09 හෝ ඊ 10 යන කාණ්ඩ යටතේ වසර 05 කට වැඩි කාලයක් කොරියාවේ සේවය කළ නොමැති අයෙකු වීමයි.

නිෂ්පාදන, ධීවර, නැව් සහ ඉදිකිරීම් කර්මාන්ත සඳහා ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන අයට කොරියානු භාෂා පරීක්ෂණයට ඉදිරිපත්වීමේ හැකියාව පවතිනවා.

විදේශ සේවා නියුක්ති කාර්යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ විභාග ප්‍රවේශ පත්‍රය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන අය සතුව අවම මාස 03ක වලංගු කාලයක් සහිත විදේශ ගමන් බලපත්‍රයේ ඡායාරූපය ඇතුළු කොටස ස්කෑන් පිටපතක් සහ මාස 03ක් ඇතුළත ලබාගත් සෙන්ටි මීටර් 3.5 සහ සෙන්ටි මීටර් 4.5ක සුදු පැහැති පසුබිම සහිත ස්කෑන් කරන ලද වර්ණ ඡායාරූපයක් ද සූදානම් කර ගෙන සිටිය යුතු බවයි.