21.7 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගුවන් ගමන් ප්‍රමාදය ගැන අද විශේෂ සාකච්ඡාවක්

ගුවන් ගමන් ප්‍රමාදය ගැන අද විශේෂ සාකච්ඡාවක්

කටුනායක ගුවන්තොටුපොළේ ඊයේ (25) ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් අද (26) විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකාරිත්වය, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ, නිදහස් සේවක සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙම සාකච්ඡාව සඳහා එක්වීමට නියමිතය.

ගුවන් ගමන් ප්‍රමාද වීම හා අවලංගු වීම හේතුවෙන් මගීන්ගෙන් ගුවන්තොටුපොළේ කාර්ය මණ්ඩලයට එල්ල වූ දැඩි විරෝධය හමුවේ ඊයේ (25) අලුයම ගුවන්තොටුපොළේ යම් නොසන්සුන්තාවයක් ද ඇති වුණා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අපහසුතාවට පත් මගීන්ගෙන් සමාව අයදින බවයි.