― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News15 දැරිය පැහැරගෙන ගිය 18 තරුණයා අත්අඩංගුවට

15 දැරිය පැහැරගෙන ගිය 18 තරුණයා අත්අඩංගුවට

15 හැවිරිදි දැරියක් පැහැරගෙන ගිය 18 හැවිරිදි පිරිමි ළමයෙකු සහ ඔහුගේ පුංචිඅම්මා ඇතුළු දෙදෙනෙකු වාකරේ ප්‍රදේශයේදී පසුගියදා (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරිය බේරාගෙන රෝහලට ඇතුළත් කර ඇති බව කොකුවිල් පොලිසිය පවසනවා.

පසුගිය 07 වැනිදා අදාළ දැරිය පාසල් ගොස් නැවත නිවසට නොපැමිණීම නිසා ඇයගේ ඥාතීන් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති අතර ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය දැරිය සොයාගැනීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර තිබුණා.

එම පොලිස් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ දැරියගේ පෙම්වතා වන එම තරුණයා විසින් වාකරේ ප්‍රදේශයේ පිහිටි තම පුංචිඅම්මාගේ නිවසට රැගෙන ගොස් ඇති බවයි.

ඒ අනුව 24 වැනිදා රාත්‍රියේ දැරිය වාකරේ ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටි නිවස වට කළ පොලිසිය දැරිය පැහැරගෙන යාමේ චෝදනාව මත 18 හැවිරිදි තරුණයෙකු සහ තරුණයාට උදව් කිරීමේ චෝදනාව මත 47 හැවිරිදි ඔහුගේ පුංචිඅම්මා යන දෙදෙනාම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බේරාගත් දැරිය රෝහල්ගත කර ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා ඊයේ (25) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

එහිදී විනිසුරුවරයා නියෝග කළේ ඔවුන් ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.