24.5 C
Colombo
Thursday, November 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩිල්ෂාන්ට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

ඩිල්ෂාන්ට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

මෙරට ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වූ තිලකරත්න ඩිල්ෂාන් ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබාගෙන තිබෙනවා.

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසන් වුඩ් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනුයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

ඔහු සඳහන් කළේ ඊයේ පැවති පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ උත්සවය වඩාත් සුවිශේෂී වූයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ පැමිණීමත් සමඟ බවයි.

ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු ලෙස, ඔහු ප්‍රාදේශීය ක්‍රිකට් කණ්ඩායමකට බැඳීමට සහ දක්ෂතා තම ප්‍රජාව සමඟ බෙදාගැනීමට තීරණය කරනු ඇතැයි බලාපොරොත්තුවන බව ද ජේසන් වුඩ් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ඩිල්ෂාන්ගේ දියණිය රෙසන්දි ද තම පියාගේ අඩි පාරේ යන බව අසන්නට ලැබීම සතුටක් බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබාගැනීම සඳහා පොදු සුදුසුකම් සහ නිර්ණායක රැසක් පවතිනවා.

සාමාන්‍යයෙන්, ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් පුරවැසි පරීක්ෂණයකින් සමත් වී තිබිය යුතු වනවා.

එමෙන්ම අයදුම් කරන අවස්ථාවේ ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙකු ද විය යුතුයි.