දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් සලකා බැලීම සඳහා අප්‍රේල් මස 02 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) නියම කළා.
මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
ඉන් අනතුරුව අදාල පෙත්සම් සලකා බැලීම සඳහා අප්‍රේල් මස 02 වැනිදා යළි කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළා.
කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙනවා.