32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsලිංගික අධ්‍යාපනයට සැකසූ නව ප්‍රකාශනය මාර්තුවේ

ලිංගික අධ්‍යාපනයට සැකසූ නව ප්‍රකාශනය මාර්තුවේ

පූර්ව ළමාවිය සංවර්ධන අවධියේ සිට වැඩිහිටි ප්‍රජාව දක්වා ලිංගිකත්වය පිළිබඳව අධ්‍යාපනය ලබාදීම සඳහා සම්පාදිත නව අධ්‍යාපන ප්‍රකාශන එළිදැක්වීම මාර්තු මස 07 වැනිදා සිදු කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්නගේ සභාපතිත්වයෙන් යුත් ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ බව සාකච්ඡා වී ඇත්තේ.

පර්යේෂණ මත තහවුරු වී ඇති ශ්‍රී ලංකාවේ ගැටලු රැසකට පාදක වී ඇති පුද්ගලයින්ගේ ලිංගිකත්ව අධ්‍යපනය පිළිබඳ අල්ප වූ දැනුම වර්ධනය කිරීමේ මූලික අරමුණ පෙරදැරිව මෙම ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපන ප්‍රකාශන සකස් වී ඇති බව නිලධාරීහු සංසදය හමුවේ කරුණු දක්වමින් අවධාරණය කළහ.

පෙරපාසල් දරුවාගේ සිට 13 වැනි ශ්‍රේණියේ පාසල් දරුවන් දක්වා මෙන්ම වැඩිහිටි ප්‍රජාව උදෙසා මෙලෙස එම අධ්‍යාපන ප්‍රකාශන සකස් කර ඇත. මෙම ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපන ප්‍රකාශන, අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය හා අනුමැතිය යටතේ අදාළ ක්‍ෂේත්‍රවල විශේෂඥයින් විසින් සම්පාදනය කර ඇති බව එම නිලධාරීන් සංසදයට පැවසුවේ.

පළමු අදියර යටතේ මෙම ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපන ප්‍රකාශන E ප්‍රකාශන ලෙස ලබාදීමට යෝජනා කර තිබෙනවා.

ඒ අනුව මෙලෙස සමාජයේ සියලුම වයස් කාණ්ඩ සඳහා විධිමත් ලෙස ලිංගිකත්වය පිළිබඳ දැනුම ලබාදීම ඔස්සේ සමාජයේ මතුවෙමින් පවතින අර්බුද රැසක් සමනය කරගත හැකි බව මෙන්ම පාසල් දරුවා වඩාත් සුරක්ෂිත කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බව නිලධාරීන් සංසදය හමුවේ අවධාරණ කළා.