― political ―

මගේ ළඟ ඩීල් දේශපාලනය නෑ – විජේදාස

තමා ළඟ ඩීල් දේශපාලනය නොමැති බවත් තමා පක්ෂයක වැඩබලන සභාපති වුණා කියා තමාගේ ඇමතිකම අහෝසි කිරීමට රජයට කිසිඳු හේතුවක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස...
HomeHot Newsඅද රටේ ඇත්තේ කැලෑ නීතියක් - විපක්ෂ නායක

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් – විපක්ෂ නායක

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් බවත් කතානායකවරයා දෙවරක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (27) මාතලේ, රත්තොට, කයිකාවල මහා විද්‍යාලයට සක්වල බස් රථ ලබා දීමේ වැඩසටහනට එක්වෙමිනි.

මේ රටේ අධ්‍යාපන පද්ධතිය දියුණු වෙනවා දකින්න අකැමැති කුහකයෝ පිරිසක් ඇති බවත් මහලොකු විප්ලවකාරි සමාජවාදී ප්‍රකාශ කිව්වත් ඔවුන්ගේ දරුදැරියන් ඉගෙන ගන්නේ පෞද්ගලික විද්‍යාල සහ විශ්වවිද්‍යාවල බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

මෙවැනි ව්‍යාපෘති සිදු කරන විට කුහක කම් නොකර තමා සමඟ රට සංවර්ධනය කිරීමට එන ලෙසත් අවසානයේ මේ තුළින් ප්‍රතිලාභ ලැබෙන්නේ තමාට නොව ජනතාවට බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. වසර 2-3ක් පුරාවට තමා ඇතුළු සමගි ජන බලවේගය දළ දේශීය නිෂ්පාදිතය ප්‍රතිශතයක් ලෙස 50% ක හා රැකියා නියුක්තියට 52% ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන් වෙනුවෙන් පරාටේ නීතිය හරහා ඔවුන්ගේ දේපල වෙන්දේසි කිරීමේ නීතියට යම් විරාමයක් ලබා දෙන්න කියන සටනේ නිරත වූ බවත් එම සටනේ ප්‍රතිඵලයක් ලෙස කැබිනට් මණ්ඩලය පරාටේ නීතිය දෙසැම්බර් 15 තෙක් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවත් එය සතුටට කරුණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමා පාර්ලිමේන්තුවේ කෑ ගැහුවේ පරාටේ නීතියට විරුද්ධව බව පැවසූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ අවසානයේ එම විවේචනවල ප්‍රතිඵල ලැබුණු බවත් රජය ගත් එම තීන්දුවට ස්තූතිවන්ත වන නමුත් මේ ව්‍යාපාර දියුණු කර ගැනීමට අවශ්‍ය කාරක ප්‍රාග්ධනය ලබා දෙන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඔවුන්ගේ ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කරන ලෙස ඉල්ලා සිටින බවත්ය.