― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsවිදුලි බිල 20%කින් අඩු කිරීමට උපදෙස්

විදුලි බිල 20%කින් අඩු කිරීමට උපදෙස්

පවතින විදුලි බිල අවම වශයෙන් 20% ඉක්මවූ ප්‍රතිශතයකින් අඩු කළ යුතු බවට ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මහජන උපයෝගිතා කොමිසමට නිර්දේශ කර තිබෙනවා.

ඊට අමතරව බලශක්ති පරිභෝජනය උපරිම ශක්‍යතාවයෙන් සිදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමට තවත් නිර්දේශ තුනක් ද මෙම ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ලබා දී තිබෙනවා.

පසුගියදා පාර්ලිමේන්තුවේදී ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි මහජන උපයෝගීතා කොමිසමට මෙම යෝජනා ඉදිරිපත් කෙරුණේ.

එහිදී මෙම කාරක සභාව විසින්, විසන්ධි කළ විදුලි සබඳතා නැවත ලබා ගැනීමේ දී අදාල හිඟ විදුලි ගාස්තු වාරික පදනමින් ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත්, රාජ්‍ය අංශයේ විදුලි පරිභෝජනය පිළිබඳව විගණනයක් කරන ලෙසත් හා ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඉලක්ක කර ගනිමින් සහන පොළී අනුපාත යටතේ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා වන අවස්ථාවන් සොයා බලන ලෙසත් මහජන උපයෝගීතා කොමිසමට නිර්දේශ කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම ආදී පාර්ශ්ව ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත සහ විදුලි මිල සම්බන්ධයෙන් බලපාන අනෙකුත් කරුණු සමාලෝචනය කල විට පවතින විදුලි මිල 33% කින් පමණ අඩු කළ හැකි බවට ගෙන එන විශේෂඥ මතය ද සැළකිල්ලට ගෙන අවම වශයෙන් 20% ඉක්මවූ ප්‍රතිශතයකින්, විදුලි බිල අඩුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ආංශික අධීක්ෂණ කාරක සභාව මෙහිදී මහජන උපයෝගීතා කොමිසමට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත්තේ.