― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsගිණිකෙළි කර්මාන්තශාලවක ගින්නක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට

ගිණිකෙළි කර්මාන්තශාලවක ගින්නක් – දෙදෙනෙක් ජීවිතක්ෂයට

කිඹුලාපිටිය, වැරැල්ලවත්ත ප්‍රදේශයේ ගිණිකෙළි නිපදවන ස්ථානයක ඇති වූ ගින්නකින් තිදෙනෙක් බරපතල පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා.

පසුගියදා (26) පස්වරුවේ හදිසියේම ඇති වූ මෙම ගින්නෙන් ගිනිකෙළි කර්මාන්තශාලාවේ සේවය කළ වයස අවුරුදු 18, 22, 31 වයස් වල පසුවන පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා මීගමුව රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. එහිදී වයස අවුරුදු 18 වන රන්පටි දේවගේ ඉසුරු මදුශාන් නමැති සිත්තම්පලන්වත්ත, පොත්තුක්කුලම, පල්ලම (හලාවත සහ ආනමඩුව අතර) ලිපිනයේ පදිංචි තරුණයා මියගොස් තිබෙනවා.

සෙසු පුද්ගලයන් දෙදෙනා කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඉන් තවත් අයෙක් අද (28) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගල්මන්කඩ වත්ත, කිඹුලාපිටිය ලිපිනයේ පදිංචි 22 හැවිරිදි වියේ පසු වූ අෂාන් නවරත්න නම් තරුණයායි.

අනෙක් පුද්ගලයා දැනට කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.