― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot News14 හැවිරිදි සිසුවාට හදි කළ අයෙක්ට වසර 07ක සිර දඬුවමක්

14 හැවිරිදි සිසුවාට හදි කළ අයෙක්ට වසර 07ක සිර දඬුවමක්

වලපනේ – මතුරට පොලිස් බල ප්‍රදේශයේදී 14 හැවිරිදි පිරිමි ළමයෙකුට තුන් වතාවක් ලිංගික අපයෝජනය කළ බවට චෝදනා ලැබ සිටි පුද්ගලයෙකුට නුවරඑළිය මහාධිකරණය වසර 7ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබෙනවා.

නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය ඊයේ (27) සවස මෙම තීන්දුව ලබා දුන්නා.

මෙම නඩුව 2017 වසරේ සිට පසුගිය වසර හතක කාලයක් නුවරඑළිය මහාධිකරණයේ විභාග වුණා.

වලපනේ – මතුරට ප්‍රදේශයේ පදිංචි මන්තිලක් දිසානායක නැමැත්තා 14 හැවිරිදි පිරිමි ළමයෙකුට තුන් වතාවක් ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට ලක්ව තිබූ අතර ඊය අදාළ නඩුව ඊයේ විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකරුට එරෙහිව එල්ල වී තිබූ චෝදනා තුනකට බරපතළ වැඩ සහිත වසර 7ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

එමෙන්ම වින්දිත පිරිමි ළමයාට රුපියල් හාරලක්ෂ පනස්දහසක වන්දියක් ගෙවන ලෙසද නියෝග කර ඇති අතර, එම මුදල නොගෙවන්නේ නම් ඔහුට තවත් වසර තුනක සිර දඬුවම් විඳීමට සිදුවනු ඇත.

ඒ සමගම අධිකරණය විසින් මුදලින් 15,000ක් ගෙවිය යුතු බව ප්‍රකාශ කළ විනිසුරුවරයා මෙම මුදල නොගෙවන්නේ නම් තවත් මාස තුනක සිර දඬුවම් විඳීමට සිදුවන බවත් පවසමින් තම තීන්දුව ලබා දීඉ තිබෙනවා.