― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsපොම්පකරුගේ රන්මාලය සොරාගත් අයෙක් අත්අඩංගුවට

පොම්පකරුගේ රන්මාලය සොරාගත් අයෙක් අත්අඩංගුවට

ත්‍රිරෝද රථයට ඉන්ධන ලබා ගැනීමේ මුවාවෙන් පැමිණ ඉන්ධන පොම්පකරුගේ රන්මාලය සොරා ගත් පුද්ගලයෙක් බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගියදා (28) රාත්‍රියේ බේරුවල, හෙට්ටිමුල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනාගෙන් පිටුපස අසුනේ සිටි පුද්ගලයා ඔවුන්ගේ ත්‍රිරෝද රථයට ඉන්ධන ලබා දුන් පොම්පකරුගේ ගෙල බැඳි රන්මාලය සොරා ගන්නා ආකාරය එම ඉන්ධන හලේ තිබූ සීසීටීවී කැමරාවේ සටහන් වී තිබෙනවා.

පොම්පකරුගේ රන්මාලය මංකොල්ල කෑමෙන් අනතුරුව ඔවුන් ත්‍රිරෝද රථයෙන් පලායාමට උත්සාහ කිරීමේදී පොම්පකරු එම පුද්ගලයා ලුහුබැඳ ගොස් අල්ලා ගැනීමට සමත් වී තිබෙනවා.

ඉන් අනතුරුව ඔහු විසින් බේරුවල පොලිසියට මේ පිළිබඳව දැනුම් දී ඇති අතර පොලීසිය එම ස්ථානයට පැමිණ සොරකම කළ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනෙක් පුද්ගලයා ත්‍රීරෝද රථයද සමඟ පලා ගොස් ඇති අතර එසේ පලා ගිය ත්‍රීරෝද රථය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය සිදු කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ එම ත්‍රීවීල් රථය මොරටුව ප්‍රදේශයෙන් සොරා ගන්නා ලද ත්‍රීරෝද රථයක් බවත් මෙම ත්‍රීරෝද රථය යොදාගෙන මතුගම ප්‍රදේශයේ තවත් රන්මාල සොරකම් රැසක්ම සිදු කර ඇති බවත්ය.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කළුතර මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.