31 C
Colombo
Thursday, October 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිසුන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීමේ තීරණයක්

සිසුන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීමේ තීරණයක්

පාසල් සිසුන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව තෝරා ගත් පෙළපොත් කාණ්ඩ වශයෙන් මුද්‍රණය කිරීම මේ වනවිටත් අරඹා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ.

පාසල් පොත් බෑගයේ බර වැඩිවීම නිසා පාසල් සිසුන්ගේ කොඳු ඇට පෙළේ ආබාධ වැනි විවිධ ශාරීරික අපහසුතා ඇති විය හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත්තේ.

එමෙන්ම සිසුන්ගේ පොත්බෑගයේ බර අඩු කිරීම සඳහා විකල්පයක් ලෙස සිසුන් සඳහා සකස් කර ඇති වැඩ පොත් හැරුණු විට අනෙකුත් පෙළපොත් පාසලට ගෙන ඒම අවම කිරීමට විදුහල්පතිගේ සෘජු අධීක්ෂණය යටතේ ගත යුතු පියවර දන්වමින් අධ්‍යාපන ලේකම්වරිය විසින් චක්‍රලේඛයක් ද නිකුත් කර තිබෙනවා.