ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ දිනවල පතින අධික වියළි කාලගුණය හේතුවෙන් පානය කිරීම සඳහා ජලය ලබාගන්නා ජලාශ බොහෝමයක ජල මට්ටම පහළ බැස ඇති බවයි ඔවුන් පවසන්නේ.
එම දෙපාර්තමේන්තුව ජනතාවට අවධාරණය කරන්නේ පවතින උණුසුම් කාලගුණය අප්‍රේල් මස මැද දක්වා පවතින බැවින් ජල අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසයි.