හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර තිබෙනවා.
මෙලෙස මරණ දණ්ඩනය නියම කර ඇත්තේ පෑලියගොඩ පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුටයි.
මොවුන් දෙදෙනා 2005 වසරේ පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට පහර දී මරණයට පත් කිරීමේ චෝදනාවට වරදකරුවන් වී තිබුණා.
ඊට අදාළ නඩු විභාගයයේදී එම චෝදනාවට වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා මෙම තීන්දුව ලබා දුන්නා.